එක්සත් ජනපදයේ අවම වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 21,036,174ක් වාර්තා වී ඇති අතර වසංගතය ආරම්භ වූදා සිට අවම වශයෙන් පුද්ගලයින් 357,067ක් කොවිඩ්-19 රෝගයෙන් මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද නවතම දත්ත පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් විසින් 2020 ජනවාරි 21 වැනි දින එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරස් රෝගය පිළිබඳ පළමු සිද්ධිය වාර්තා කරන ලදී.
එම විශ්වවිද්‍යාලය පවසන පරිදි තවත් රටවල් 17ක් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයකට වඩා වාර්තා කර තිබේ. ඒ අනුව,
ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් මිලියන 10කට වඩා වාර්තා කර තිබේ.
බ්‍රසීලයේ මුළු ආසාදන මිලියන 7කට වඩා තිබේ.
රුසියාවේ මුළු ආසාදන මිලියන 3කට වඩා තිබේ.
ප්‍රංශය, එක්සත් රාජධානිය, තුර්කිය සහ ඉතාලියේ මුළු රෝගීන් මිලියන 2 කට වඩා තිබේ
ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව, කොලොම්බියාව, ජර්මනිය, මෙක්සිකෝව, පෝලන්තය, ඉරානය, යුක්රේනය, පේරු සහ දකුණු අප්‍රිකාව යන රටවල සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයකට අධික සංඛ්‍යාවක් ඇත.