ඇමෙරිකා එක්සත් ජනපදය නව කොරෝනා වෛරසය ආසාදිතයන් මිලියන 16ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව ලක්ෂ 3ක සීමාව කරා පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අද (13දා) අලුයම වනවිට එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වූයේ 16,038,528ක් ලෙසිනි. එමෙන්ම වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 297,697ක් ලෙස සටහන් වෙයි.
විශ්ව විද්‍යාල දත්තවලට අනුව, කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 8ක් කරා ළඟාවීමට එක්සත් ජනපදයට දින 268ක් ගතවිය. නමුත් දෙවැනි ආසාදිතයන් මිලියන 8 වෙත ළඟාවීමට ගත වී තිබුණේ දින 57ක් පමණි.
වගකීමෙන් තොර දේශපාලන අධිකාරය ඇමෙරිකාවේ මෙම ව්‍යසනය කෙරෙහි සෘජුවම වගකියන අතර, ට්‍රම්ප් පරිපාලනය යටතේ වසංගතය ගණන් නොගෙන සිටීම, විද්‍යාත්මක තොරතුරු මගහැරීම, ජනතාවට නිසි මාර්ගෝපදේශනයක් ලබානොදීම ආදී බොහෝ කරුණු කාරණා යටතේ මේ වනවිට එරට වසංගතය උච්චතම අවස්ථාවට ළඟවී තිබේ.