ඇමෙරිකා එක්සත් ජනපදයේ අවම වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 25ක් (කෝටි 2.5ක්) ඉක්මවා ඇති අතර, වසංගතය ආරම්භ වූ දා සිට අවම වශයෙන් පුද්ගලයින් 420,000කට ආසන්න පිරිසක් කොවිඩ්-19 රෝගයෙන් මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරනලද පෙන්වා දෙයි.
ඒ අනුව ලෝකයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් හතරෙන් එකක් මේ වනවිට වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එම අගය අද (25දා) උදෑසන වනවිට 25,113,810ක් ලෙස සටහන් වූ අතර, මරණ සංඛ්‍යාව 419,097කි.
2020 ජනවාරි 21 වැනි දින එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් රෝගය පිළිබඳ පළමු නිල සිද්ධිය විශ්ව විද්‍යාලය විසින් වාර්තා කරන ලදී.
ඉන් දින 97කට පසු, අප්‍රේල් 27 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියනයක් වාර්තා කළේය.
දින 104කට පසුව, අගෝස්තු 9 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 5ක් වාර්තා කළේය.
දින 91කට පසු, නොවැම්බර් 8 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 10ක් වාර්තා කළේය.
දින 29කට පසු, දෙසැම්බර් 7 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 15ක් වාර්තා කළේය.
දින 24කට පසු, දෙසැම්බර් 31 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 20ක් වාර්තා කළේය.
දින 24කට පසු, 2021 ජනවාරි 24 වැනි දින එක්සත් ජනපදය ආසාදන මිලියන 25ක් වාර්තා කළේය.
විශ්ව විද්‍යාලයට අනුව කොවිඩ් 19 රෝගීන් මිලියනයකට වඩා වාර්තා වී ඇති තවත් රටවල් 17ක් ලෝකයේ ඇත.
ඉන්දියාවේ මුළු රෝගීන් මිලියන 10කට වඩා සිටී.
බ්‍රසීලයේ මුළු රෝගීන් මිලියන 8කට වඩා සිටී.
රුසියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය තුළ මුළු රෝගීන් මිලියන 3කට වඩා වාර්තා කර ඇත.
තුර්කිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ජර්මනිය යන රටවල රෝගීන් මිලියන 2කට අධික සංඛ්‍යාවක් සිටී.
කොලොම්බියාව, ආර්ජන්ටිනාව, මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, පෝලන්තය, ඉරානය, යුක්රේනය සහ පේරු යන රටවල මුළු රෝගීන් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඇත.