ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 20 සීමාව ඉක්මවා ගොස් තිබේ.
එය දැනට ආසාදිත අගයෙන් දෙවැනි ස්ථානයේ පසුවන ඉන්දියාව මෙන් දෙගුණයක ආසාදිතයන් වැඩිවීමකි. එමෙන්ම ගෝලීය වශයෙන් වාර්තා වන මිලියන 83කට වැඩි ආසාදිතයන් සංඛ්‍යාෙවන් හතරෙන් එකක ප්රමාණයකි.
මේ අතර, කොවිඩ්-19 මරණද රට තුළ ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට එය 347,500 කට වඩා වැඩි අගයක් ගනී.
ඉන්දියාව සහ බ්‍රසීලය පිළිවෙලින් මිලියන 10 ක් සහ මිලියන 7 කට වඩා වැඩි කොවිඩ්-19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් සමග එක්සත් ජනපදයට පසුපසින් සිටියි.
මෙම වැඩිවීම සිදුවන්නේ ඇමෙරිකානුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන දියත් කළද, එය ආරම්භයේදී මන්දගාමී හා අවුල්සගත වී ඇති පරසරයක යැයි විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම කොවිඩ්-19 එන්නත් බෙදාහැරීමේ වේගය පිළිබඳව ජනාධිපති ධුරයට තේරීපත් ජෝ බයිඩන් අඟහරුවාදා ට්‍රම්ප් පරිපාලනය විවේචනය කළ අතර එන්නත් ලබාදීම වේගය වේගවත් කිරීමට ඔහු පොරොන්දු විය. කෙසේ වෙතත්, බයිඩන් පිළිගත්තේ ඇමෙරිකානුවන්ගෙන් බහුතරයකට එන්නත ලබා දීමට තවමත් මාස ගණනක් ගතවනු ඇති බවය.