එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සෞඛ්‍ය අධිකාරිය චීනයේ සීනොෆාම් කොවිඩ්-19 එන්නත එමීරයේ පුරවැසියන්ට සහ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ඩුබායි වැසියන්ට ලබාදීම ආරම්භ කර තිබේ.
ජනවාරි 31දා සිට ආරම්භ කරන ලද මෙම පියවර ඩුබායි හි ඇති විවිධ වර්ගයේ එන්නත් වර්ග තෝරා ගැනීමට මහජනතාවට අවස්ථාව ලබා දීමට ඇති උනන්දුවට අනුකූල බව සෞඛ්‍ය අධිකාරිය පවසයි.
එන්නත ලබාගැනීම සඳහා දැනටමත් ලියාපදිංචි වී ඇති අවස්ථාව ලබා ඇති අය වෙත එය ළඟා වනු ඇති බවත්, සීනොෆාම් එන්නත ජනගහනයේ අනෙකුත් කොටස් සඳහා ඉදිරි අදියරවලදී ලබා ගත හැකි බවත් ඔවුන් වැඩිදුරටත් කියයි.
මේ අතර චීන සීනොෆාම් කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන්හි මිලියනයක පළමු කාණ්ඩය පෙබරවාරි 9 වැනි දින පේරු වෙත පැමිණෙන බව අග්‍රාමාත්‍ය වයලෙටා බර්මියුඩෙස් සිකුරාදා නිවේදනය කළ බව එරට රාජ්‍ය ප්රවෘත්ති සේවය පවසයි.
පේරු ජනාධිපති ෆ්රැන්සිස්කෝ සාගස්ති මීට පෙර කියා සිටියේ මෙම ගනුදෙනුව චීන සමාගමෙන් මාත්‍රා මිලියන 38ක් මිලදී ගැනීමේ විශාල ගිවිසුමක කොටසක් බවයි.