මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාමේ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියි.
අද (9දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් නීතිපති දප්පුලද ලිවේරා මහතා සඳහන් කර ඇත්තේ නඩුවේ විත්තිකරුන්ට දණ්ඩ නීති සංග්‍රහය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් චෝදනා අටක් යටතේ නඩු පැවරිය හැකි බවයි.