එකතුවීමේදී උද්යෝගය තරමක් අඩුවුණා
ඔක්තෝබර් 26 දා අග්‍රාමාත්‍ය තනතුර භාර ගැනීම වෙනුවෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය සමග එකතුවීම හේතුවෙන් ජනතාව අතර තිබූ උද්යෝගය තරමක් අඩුවූ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද (26දා) පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එසේ අඩුවූ උද්යෝගය නැවතත් ගොඩනගමින් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඔක්තෝබර් 26 දා එක්වීමේදී ජනපතිවරණය ගැන සාකච්ඡා නොකළ බවත් ඉදිරි ජනපතිවරණයේදී ජයගත හැකි අපේක්ෂකයාට සහයෝගය දක්වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Champa Tuesday, 26 March 2019 02:39 PM
අනේ ඉතින් ඔන්න බොරු කියන්න එපා. ඕ වැඩේට ජනතාව අතරේ කිසිම උද්යෝගයක් තිබ්බේ නැහැ. උද්යෝගය තිබ්බේ මාධ්‍ය සහ දේශපාලකයන් අතරේ. ජිනීවා සමුළුවට එන්න ඔන්න මෙන්න ඉස්සෙල්ල අර ගොල්ලෝ ලොකුවට හදපු කතාව ජිනීවා සමුළුව ඉවර වෙනවත් එක්ක බැහැල ගියා කියලා කිව්වා නම් තමා හරි. මෛත්‍රී ගෑවිච්ච සන්ධානෙකට හෝ එයා ජනාධිපති අපේක්ෂක වෙලා ආවොත් හරි හෝ මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ. දන්නවද හිටපු ජනාධිපතිතුමා, ඔබතුමා කිව්වත් මිනිස්සු ආයේ එයාව පිළිගන්නේ නැහැ. දේශපාලකයෝ කාලෙන් කාලෙට ප්‍රතිපත්ති වෙනස් කලාට ජනතාව එහෙම වෙනස් කරන්නේ නැහැ. මිනිස්සු දැන් හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ.
Reply : 0 0
Champa Tuesday, 26 March 2019 10:23 PM
Ooooops, හයියෝ, ෂිකේ, මෙතන මේ "උද්යෝගය" කියල තියෙන කොටස මට වැරදිලා තියෙනව. මේකේ මුල දැක්ක ගමන් මට කේන්ති ගියා. ඒ එක්කම තමයි පලවෙනි comment එක ලියල දැම්මේ. මේක දැන් දිගටම කියැව්වහම තමයි මට මේකේ කියලා තියෙන දේ තේරුනේ. මම "ඕ වැඩේ" කියල කිව්වේ "ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය සමග එකතුවීම" කියපු එකට. ඒකට තිබ්බ උද්යෝගය අඩු වුනා කියලා කිව්වා කියල තමයි මට තේරුනේ. ඇත්තටම මේ news එකේ පලවෙනි para එක හරියට ලියවිලා නැහැ. සමහර වෙලාවට මට කියව කියව ඉන්න වෙලත් නැහැ. හිටගෙනත් type කරනව comments. දෙපාරක් කියවන්න වෙලා නැහැ. ඇත්තටම බොරුවක් නෙමෙයි කියලා තියෙන්නේ සහතික ඇත්ත. ඒ හින්ද තමයි මිනිස්සුන්ගේ උද්යෝගය අඩු වුනේ. My apologies to Mr. Former President. මගේ මේ ඉස්සෙල්ල comment එක මේකට අදාල නැහැ. පොඩි Misfire එකක් වෙලා තියෙන්නේ.
Reply : 0 0
rocky Tuesday, 26 March 2019 06:54 PM
පස්ස දොරෙන් රිංගන්න ගිය එකෙන් උද්යෝගය අඩු වුනා නෙමෙයි . කෙලවුනා!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

