උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින පිළිබඳව ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදු කිරීමක් කරනු ඇති බවත් මෙම විභාග දෙක යම් කාලයකින් කල් දැමිය යුතු බවට තමාගේ මතය බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (05දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම විභාග කල් දමන ලෙසද ඉල්ලීම් රාශියක් ලැබී තිබෙන බවත් ඒ අනුව ඉදිරි තීරණ ගනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.