චීනයේ නවීකරණයට 2021 විශේෂ වැදගත්කමක් ඇති බවත්, චීනය තුළ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා නව සංවර්ධන දර්ශනයක් ක්‍රියාත්මක කිරීමටත්, නව සංවර්ධන රටාවක් ගොඩනැගීමටත් අවශ්‍ය නෛතික සහාය සහ සහතිකය ලබාදීමට උත්සාහ කරන ලෙස නීති සම්පාදකයන් උනන්දු කරවා තිබේ.
චීනයේ ඉහළම ව්‍යවස්ථාදායකයේ 13 වැනි ජාතික මහජන සම්මේලනයේදී මෙම අදහස් නීති සම්පාදකයන්ගේ විශේෂ අවධානයට යොමුව ඇති අතර, බාල අපරාධ වැළැක්වීම පිළිබඳ නීතිය සංශෝධනය, යැංසි ගංගා සංරක්ෂණ නීතිය, අපරාධ නීති සංශෝධනය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ නීතිය සංශෝධනය වැනි නීති කිහිපයක් සමග එහි 24 වන සැසිවාරය සෙනසුරාදා අවසන් වී තිබේ.