උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිම කළ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) සිදු කෙරිණි.
වෙල්ලස්සේ උමා ඔය ද්‍රෝණියේ වෙසෙන ගොවි ජනතාවගේ ජීවන ගමන් මගේ නව පරිච්ඡේදයක් අරඹමින් මෙම ව්‍යාපෘති ජනතා අයිතියට පවරා දීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
මෙහිදී පැවති විශේෂ සාකච්ඡුාවකට එක්වෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය රටේ සංවර්ධනයට සහ ජාතික ආර්ථිකයට විශිෂ්ට දායකත්වයක් සපයන සුවිශේෂි ව්‍යාපෘතියක් බවත් එහි වැඩ නිම කරමින් ප්රතිලාභ ජනතාවට ලබාදීමට හැකි වීම පිළිබඳ තමා සතුටට පත්වන බවත්ය.
2011 වසරේ ව්‍යාපෘතිය ආරම්භ කළ ද එය කි‍්‍රයාවට නැංවීමේදී මතුවු සියලූ අභියෝග වලට සහ බාධාවන්වට මුහුණ දීමට සිදුවූයේ වත්මන් රජයට බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මතුවු විවිධ අභියෝග සහ දුෂ්කරතා හමුවේ කැපවීම් සිදු කරමින් මෙම ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට දායකවූ ඌවේ සමස්ත ජනතාවට සිය කෘතවේදිත්වය පළකිරීමට ද කටයුතු කළේය.
එමෙන්ම මේ සඳහා දායක වූ ඉරාන රජය වෙත ද ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා සිය විශේෂ ස්තුතිය පිරිනැමීය.
උමා ඔය ද්‍රෝණියේ පාරිසරික හා අනෙකුත් ජල අවශ්‍යතා වලට බලපෑමක් ඇති නොවන අයුරින් එම ද්‍රෝණියේ සිට ජල ඌනතාවයෙන් පෙළෙන දක්ෂිණ කලාපයේ කිරිඳි ඔය ද්‍රෝණියට ජලය ඝන මීටර් මිලියන 145ක් හැරවීම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
එමඟින් මොණරාගල දිස්ති‍්‍රක්කයේ වැල්ලවාය සහ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි නව ඉඩම් හෙක්ටයාර් 4,500කට යල සහ මහකන්නයට අවශ්‍ය ජලය සැපයිම හා දැනට වගාකෙරෙන ඉඩම් හෙක්ටයාර් 1,500කට යල කන්නය වගා කිරීමට ජලය සැපයීමත්, ව්‍යාපෘතිය මඟින් ඉදි කෙරෙන මෙගාවොට් 120ක ධාරිතාවයෙන් යුත් භූගත විදුලිබලාගාරය මඟින් ගිගාවොට් 290ක විදුලිය නිපදවා ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමටත් ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ.
ඊට අමතරව ව්‍යාපෘති ප්‍රදේශයේ පානීය හා කර්මාන්ත සඳහා ඝන මීටර් මිලියන 30ක ජලය සැපයීම අපේක්ෂා කෙරෙන අතර, ඩයරබාහාපුහුල්පොළ ඉදි කෙරුණු ජලාශ මඟින් බදුල්ල දිස්ති‍්‍රක්කයේ බණ්ඩාරවෙල සහ ඇටැම් පිටිය ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතා සැපයීම ද ඊට ඇතුළත් වේ.
මෙමඟින් ප්‍රදේශයේ වැව් 96ක් වාරි ජලයෙන් පෝෂණය කෙරන අතර පශු සම්පත් හා මත්ස්‍ය සම්පත් සංවර්ධනය, නව රැකියා අවස්ථා උත්පාදනය, නූතන තාක්ෂණික දැනුම ශිල්පීය ක්‍රම අනුගත කර ගැනීම ව්‍යාපෘතියේ සෙසු ප්රතිලාභවෙයි.
ඉරාන රජය සහ ශ්‍රී ලංකා රජය එක්ව රුපියල් කෝටි දසදහසකට අධික මුදලක් ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර තිබේ.
උමාඔය හරහා පුහුල්පොළ දී මීටර් 35ක් උසැති රෝලර් සම්පීඩිත කොන්කි‍්‍රට් වේල්ලක් සහිතව ඉදි කෙරුණු පුහුල්පොල ජලාශයේ වැඩ මේ වනවිට සම්පූර්ණයෙන් නිමකර තිබෙන අතර එම ජලාශයේ ජලය ඩයරබා ජලාශයවෙත හැරවීමේ සමාරම්භය අද ජනාධිපතිතුමා අතින් සනිටුහන් කෙරිණි.