දරුවන්ගේ ඉල්ලිමක් අනුව උසස් පෙළ විභාගය පවත්වන දිනය කල් දමනවාද නැද්ද යන්න තිරණය ඉදිරි දින කිපයේදි ගන්නා බව අධ්‍යාපන , කි‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය .
අද (15) මාතරදි පැවති කි‍්‍රයාකාරි හමුවකදි හෙතෙම මෙසේ පැවසිය .
එහිදි අදහස් පළකල ඒ මහතා ,
‘‘ උසස් පෙළ පළමුවරට කරන දරුවෝ කණ්ඩායමක් මට කතා කරා . ඔවුන් කිවුවා උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7 වෙනිදා තියෙන්නේ අපිට කල් මදි බැරිද ස්ර් මේක පොඩ්ඩක් වෙනස් කරන්න කියලා ඇහුවා . මගේ මුහුණු පොතේ ගිණුමටත් මෙය දන්වලා පණිවිඩයක් එවලා තියෙනවා කිවුවා . සති දෙක තුනක් වෙනස් කගන්න පුළුවන්ද කියලයි මේ අය අහන්නේ .
මම අධ්‍යාපන ලේකම්තුමාට අනිත් පැත්තට කතා කරා වහාම මේ ගැන බලලා දරුවන්ට ඇත්තටම වෙලාව මදිද කියන එක මට දින හතර පහක් ඇතුලත දෙන්න කිවුවා . දරුවෝ ඉල්ලිමක් කරනවනම් මගේ වගකිම එය ඉෂ්ඨ කිරිම. ඒ ආකාරයේ දරුවන්ගේ ඕනෑම කාරණයකදි තින්දු තිරණ ගන්නේ දරුවන් පැත්තෙන් හිතලා මිසක් දේශපාලනඥයන් හෝ නිලධාරින් පැත්තෙන් හිතලා නෙමෙයි . එසේනම් උසස් පෙළ විභාගය කල්දමනවාද නැද්ද කියන එක ඉදිරි දින කිපයකදි තිරණය කරනවා" .
