උපරිම සිල්ලර මිලක් පැනවූ අයිතම අතරින් පොල් ඉවත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබේ.
ඔක්තෝබර් 23 දා සිට බල පැවැත්වෙන පරිදි මෙසේ උපරිම සිල්ලර මිලක් නියම කළ අයිතම අතරින් පොල් ඉවත් කර තිබේ.
පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය 2017/12/06 දා නිකුත් කිරීමට කටයුතු කර තිබුණි.
ඒ පොල් මිල සීඝ්රයෙන් ඉහළ යෑම හේතුවෙනි. එහිදී පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියක් 75ක් බවට නියම කළේය.
මේ වන විට වෙළඳ පොළ තුළ සැලකිය යුතු මට්ටමකින් පොල් මිල පහළ ගොස් තිබේ.