බෙන්තොට, කහගල්ල ප්‍රදේශයේ උපන්දින සාදයක් මුවාවෙන් මත්ද්‍රව්‍ය හා මත්පෙති පානය කරමින් සිටි ස්ථානයක් වටලා සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
හෙරොයින්, ගංජා, මත්පෙති සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 19 ත් 48ත් අතර පසුවන බෙන්තොට, කොස්ගොඩ, අහුංගල්ල, බේරුවල, හැටන්, දෙහිඅත්තකණ්ඩිය යන ප්‍ර දේශවල සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙක් මාස තුනක කාලයක් සඳහා පුනරුත්තාපනය සඳහා බූස්ස පුනරුත්තාපන කඳවුර වෙත යොමුකර තිබේ. ගංජා සන්තකයේ තබාගත් සැකකරුවන් 06ක දඬ නියම කර තිබේ.
මත්පෙති සන්තකයේ තබාගැනීමේ වරදට සැකකරුවන් 13 ඇප මත මුදා හැර තිබේ. මෙම සාදය සැලසුම් කළ සැකකරුවන් දෙදෙනෙකු එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.