උපාධිධාරීන්ට පත්වීම් ලිපි ප්රදානය ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී එළඹෙන 02දා සිදුකිරීමට සියලු විධිවිධාන සළසා අවසන් බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.
රැකියා විරහිත මෙන්ම සුදුසුකමට රැකියාවක් නොලැබූ උපාධිධාරී තරුණ තරුණියන්ට දුන් පොරොන්දුව අනුව තම රජය පසුගිය පෙබරවාරී මාසයේ මෙම වැඩසටහන සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවූ අතර 2019 දෙසැම්බර් 31 දින වන විට උපාධිය සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් මේ සඳහා තෝරාගෙන තිබේ.
ෙමුල් අධියරේ දී මෙලෙස පනස් දහසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අදාළ ලිපි මේ වන විට ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලැබීමට කටයුතු සළස්වා ඇති බවත් ඉතිරි දස දහසක් වන උපාධිධාරීන්ගේ අභ්‍යාසලාභී පත්වීම් ලිපිද කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
එළඹෙන සැප්තැම්බර් 02 දා අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් මෙම පත්වීම් ලිපි ප්රදානය කිරීමට තම අමාත්‍යංශය පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි