ආනයනික උඳු කිලෝවක් සඳහා මෙතෙක් පැවැති රුපියල් 100ක ආනයනික බද්ද රුපියල් 150 දක්වා ඉහළ දැමීමට රජය තීරණය කොට ඇත.
උඳු ආනයනය කිරීම සීමා කිරීමටත් ඒ සඳහා පැවැති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නැංවීමටත් පසුගියදා රැස් වූ ජීවන වියදම් කමිටුව තීරණය කොට තිබේ.
දිවයිනේ උඳු වගාකරන ප්‍රධාන දිස්ත්‍රික්කයන් ලෙස අනුරාධපුරය, මුලතිව්, සහ වව්නියාව හැඳින්වෙන අතර ශ්‍රී ලංකාවේ වාර්ෂික උඳු නිෂ්පාදනය මෙට්ට්‍රික් ටොන් 11,000ක් පමණ වේ. මෙය සමස්ත උඳු නිෂ්පාදනයෙන් 85%කි. මහ කන්නය තුළ උඳු වගාකරන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 16,000ක් පමණ වෙයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්න්තුව