උදෑසන ආහාර වේල විෂවී සිසුන් 35ක් රෝහලට
මස්කෙළිය පාසලක ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් පිරිසක් හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කෙරේ.
මස්කෙළිය ශාන්ත ජෝෂප් දෙමළ විදුහලේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් 35 දෙනෙක් පෙ.ව. 08.45 ට පමණ හදිස්යේ රෝගාතුර වීම හේතුවෙන් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇත.
පාසලේ පන්ති කාමර 03 ක අධ්‍යාපනය හදාරමින් සිටි සිසු සිසුවියන් 96 දෙනෙකෙු උදෑසන ආහාර අනුභව කිරීමෙන් අනතුරුව ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත් වූ නිසා සිසු සිසුවියන් 35 දෙනෙකු ප්‍රතිකාර සඳහා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කළ බව එම පාසලේ ගුරුවරුන් පැවසූහ.
රෝහලට ඇතුළත් කරන ලද සිසු සිසුවියන් 35 දෙනෙක් ප්‍රථිකාර ලබා නිවෙස් බලා පිටව ගිය බවත්, ගැහැණු දරුවන් දෙදෙනෙක් හා පිරිමි දරුවන් තිදෙනෙක් ඇතුළුව සිසු සිසුවියන් 05 දෙනෙක් නේවාසිකව ප්‍රථිකාර ලබන බවත් රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
මෙම සිසු සිසුවියන් හදිසියේ රෝගාතුර වූයේ ආහාර අසාත්මිකතාවයක් හේතුවෙන්ද එසේ නැතිනම් මේ වන විට පවතින අසාමාන්‍ය වායු තත්වය නිසාද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරු වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
