උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන මෙම මස 15 දින සිට යළි විවෘත කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න මහතා අද පැවති මාධ්‍ය හමුවක දී සදහන් කර සිටියේය .
රට තුළ මේ වන පවතින කෝවිඩ් - 19 වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් කෝවිඩ් - 19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ ආරක්ෂිත පියවරක් ලෙස පසුගිය මාර්තු 14 දින උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන වසා දැමීමට පියවර ගෙන තිබිණි.
