ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් තනි අයෙකුට ඉල්ලා අස්වන ලෙස නිවේදන නිකුත් කිරීම අනුමත කළ නොහැකි දෙයක් බවත් ඉන්ධන මිල ඉහල යාම ආණ්ඩුවේ සාමූහික වගකීමක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති හා ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් මහතා පැවසීය.
අද (15 ) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩි දුරටත් කතා කළ විජයලාල් මහතා මෙසේ ද කීවේය.
කොරෝනා ව්‍යසනයෙන් ආර්ථික හා මානසික පීඩාවෙන් ජනතාව සිටින මෙවන් අවස්ථාවක ඉන්ධන මිල ඉහලයාම ඔවුනට දරා ගැනීමට නොහැකි කාරණාවක්. වෙනත් භාණ්ඩයක මිල ඉහලයාම වගේ නොවෙයි ඉන්ධන මිල ඉහල යාම එය හැම අංශයකටම බලපානවා. එයින් ජනතාව පීඩාවට පත්වෙනවා.මේ අවස්ථාවේදී අපේ කාර්ය භාර්ය විය යුත්තේ ඉන්ධන මිල ඉහලයාම සම්බන්ධයෙන් එක එක්කෙනාට අස්වෙන්න යයි කියමින් නිවේදන නිකුත් කිරීම නොව අපි සියළුදෙනාම එකතුවී වැඩිවූ ඉන්ධන මිල පහත හෙලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමයි.
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත