උතුරේ සංවර්ධනය සොයා බලන්න අගමැතිගෙන් දෙදෙනෙක්
ෙරජය උතුරු ප්‍රදේශයේ සිදුකරන සංවර්ධන කටයුතු සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ අග්‍රමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් පත් කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුළු කණ්ඩාමක් කැපවී සිටින බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
උතුරේ සංවර්ධන කටයුතු සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ එම පළාතේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් විශාල සේවයක් සිදුකර තිබෙන බවත්, මාස කිහිපයකින් ඇමතිවරුන් සමග උතුරට පැමිණ එහි ප්‍රගතිය සොයා බලන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
උතුරු පළාතේ සිදුකළ සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දකුණේ ශීඝ්‍ර සංවර්ධනයක් සිදුකරන පරිදිම උතුරු සහනැගෙනහිර පළාත්ද දියුණු කිරීමට කටයුතු කරන බවයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
