උතුරේ පොලිස් නිලධාරින්ට පහර දුන් ප්‍රදේශයේ ආරක්ෂාව තර කෙරේ
යාපනය අරියාලෙයි ප්‍රදේශයේ වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන්ට පහරදුන් කාන්තාවන් දෙදෙනා ඇතුළු 6 දෙනෙකු අද (18) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන අප්‍රේල් මස 01 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා නියෝග කොට සිටියේය.
අරියාලෙයි ප්‍රදේශයේදී වැලි ජවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ නොසන්සුන්තාවයේදී ජාවාරම් කරුවන්ගේ පහරදීමෙන් රෝහලගත කෙරුණු පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් තිදෙනාද අද දහවල් වනවිට රෝහලෙන් පිටත්ව ගොස් ඇත.
මේ අතර අරියාලෙයි ප්‍රදේශයේදී නොසන්සුන්තාවය ඇතිවූ ප්‍රදේශය ඇතුළු මාර්ගයන්හි පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ආරක්ෂාව දැඩි කොට ඇති අතර වැලි ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාද පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමටද යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
