උතුරු පළාතේ කෘෂිකර්මාන්තයට සුදුසු ඉඩම් වල ප්‍රෙයෝජනයට නොගන්නා ඉඩම් නැවත වගා කිරීම හරහා කෘෂිකාර්මාන්ත අංශයේ හා ජල සම්පත් අංශයේ සමාන්තර ආකාරයෙන් වැඩ පිළිවෙලක් සකස් කර එම ඉඩම් ප්රායෝජනවත් ආකාරයට යොදා ගන්නා බව අමාත්‍යය දේවානන්දා 2020.08.23 වන දින යාපනයේ ඊ.පී.ඩී.පී. මුලස්ථාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් කරුණු දැක් වු අමාත්‍යාවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයයේ දැක්ම මැතිවරණ ප්රදතිපත්තියේ දක්වා ඇති ආකාරයට එවැනි වගා නොකල ඉඩම් කෘෂිකර්මාන්තය වෙනුවෙන් යොදාගෙන ඊට අවශ්යත සහනාධාර හා ණය ලබා දී නවීන තාක්ෂණය හරහා කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කොට ඒ තුලින් අධික අස්වැන්නක් ලබා ගැනීම මේ රජයේ අරමුණ බව පැහැදිලි කළේය.
ඒ හරහා වී ඇතුළු අතුරු භෝග වැඩි වශයෙන් වගාකොට ආනයනය නවත්වා ආහාර නිශ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීම මෙම රජයේ මුලික අරමුණ බවද, ඊලග අරමුණ අප නිශ්පාදනය කරන කෘෂිකාර්මික ද්රිව්ය පිටරටට අපනයනය කිරීම බවද එතුමා තවදුරටත් ප්රනකාශ කළේය. උතුරු පළාතේ ඇති වැව් හා ජලාශ සංවර්ධනය කිරීම හරහා කෘෂිකර්ම හා ධීවර හා ජලජ සම්පත් අංශයද සමාන්තරව ජනතාවට යහපතක් වන ආකාරයෙන් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද අමාත්ය්වරයා තවදුරටත් ප්රාකාශ කළේය.
