උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 12 දෙනෙකු අද (05දා) කන්කසන්තුරෙයි නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී ධීවර යාත්රා දෙකකින් මසුන් අල්ලමින් සිටි මෙම ධීවරයන් පිළිබඳ කන්කසන්තුරෙයි නාවික හමුදා මුර සංචාරයකට නිරීක්ෂණය වීමෙන් පසුව අදාළ ඉන්දීය ධීවරයන් පිරිස හා ධීවර යාත්රා දෙක අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පිරිස කන්කසන්තුරෙයි පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
