උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ විධිමත් සහ කාර්යක්ෂම කරමින් ජනතාවට කඩිනම් ප්රතිලාභ ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසූයේ, දීර්ඝ කාලයක් පුරා පැවති යුද්ධයෙන් පසුබෑමට ලක්වූ එම පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය අද (30දා) ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස්වූ අවස්ථාවේදීය.
එහිදී උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය ගොඩනැංවිමට සහ එහි යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය පසුගිය වසර තුනහමාර තුළ පු`ථල් වැඩකොටසක් ඉටුකළද ඒ පිළිබ`ද ජනතාවට ප්‍රමාණවත් අවබෝධයක් ලැබී නොමැති බවත් එම පළාත්වල ජනතාව අතර ජාතික සංහි`දියාව සහ සහජීවනය ගොඩනැංවීමට රජය ගෙන ගිය වැඩපිළිවෙළේ සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවත් පැවසීය.
වසර 26 ක යුද්ධයෙන් උතුරු නැගෙනහිර පළාත්වල අඩාල වූ සංවර්ධනය සහ පසුබෑමට ලක්වූ ජන ජීවිත යළි ගොඩනංවමින් දිවයිනේ අනෙක් පළාත්වල පවතින සංවර්ධනය එම පළාත් දෙක ස`දහාද ලබාදීමට රජය ප්රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදී ස`දහන් කළේය.
මෙම කාර්ය සාධක බලකාය විසින් උතුරු හා නැගෙනහිර පළාත්වල කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබ`ද සොයා බලන අතර, තවදුරටත් කි‍්‍රයාත්මක කළයුතු නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම සිදුකරයි. ප්රමුඛ අවශ්‍යතාව පිළිබ`ද සලකා බලමින් එම ක්ෂේත්‍ර සහ පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන වැඩපිළිවෙළ කි‍්‍රයාත්මකය.
මේ යටතේ උතුරු නැගෙනහිර පළාත් තුළ නව සංවර්ධන කටයුතු රැසක් මේ වන විට හ`දුනාගෙන තිබෙන අතර, ඉන් බොහොමයක් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය.
උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් නිවාස 50,000 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ යටතේ නිවාස 25,000ක ඉදිකිරීම් මෙම අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, තවත් නිවාස 10,000 ක ඉදිකිරීම් 2019 ජනවාරි මාසයේදී ආරම්භ කෙරෙනු ඇත.
පළාත් දෙකෙහි මාර්ග කි.මි 1847ක් පමණ සංවර්ධනය කිරීමට නියමිතව තිබේ. යාපනය, මයිලිටි ධීවර වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
එමෙන්ම පළාත් දෙකෙහි ග්‍රාමීය මාර්ග, පානීය ජලය, වාරිමාර්ග, කෘෂිකාර්මික, ආර්ථික මධ්‍යස්ථාන, පාසල්, රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන ඇතු`ථ සියලු යටිතල පහසුකම්වලද පු`ථල් සංවර්ධනයක් ඇති කිරීමට සැලසුම් කර තිබේ.
ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ද පු`ථල් වැඩසටහනක් කි‍්‍රයාත්මක අතර අම්පාර සීනි කර්මාන්ත ශාලාව යළි ස්ථාපිත කිරීම, මඩකලපුව කඩදාසි කම්හල සහ මඩකලපුව සහල් කර්මාන්ත ශාලාව යළි ඇති කිරීම ඇතු`ථ කර්මාන්ත ක්ෂේත්රයේ පුනරුදය වෙනුවෙන් ව්‍යාපෘති 20 කට වැඩි ප්‍රමාණයක් කි‍්‍රයාවට නැංවීමට නියමිතය.
කඩිනමින් කි‍්‍රයාත්මක වන මෙම සංවර්ධන ව්‍යාපෘති මගින් එම පළාත් දෙකෙහි ජනතාවගේ ජන ජීවිත වඩා වේගයෙන් නව පරිවර්තනයකට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
