උතුරු නැගෙනහිර කාලගුණයෙන් ආපදාවට පත් ගොවිබිම් සඳහා වන්දි දෙයි
පසුගිය ජනවාරි මස පැවති දැඩි වර්ෂාවෙන් උතුරු නැගෙනහිර ආපදාවට පත් ගොවිබිම් සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් වන්දි ලබා දීමට කඩිනම් කරන්නැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයට ලබා දුන් උපදෙස් අනුව මාර්තු මසට පෙර සියලු ගොවීන් වෙනුවෙන් වන්දි ලබා දිය හැකි බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසීය.
පසුගිය මස කෘෂිකර්ම අමාත්‍යවරයා කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවිබිම් කිහිපයක සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී හානියට පත් ගොවිබිම් කඩිනම්ව සමීක්ෂණය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මේ සඳහා යෙදවිය යුතු යැයි කළ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් හාරසියයක් මේ සඳහා යෙදවූ බව අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
ගංවතුරෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 8950, මුලතිව් දිස්ත්‍රික්කයේ 2100, මන්නාරම1530 හා වවුනියාව දිස්ත්‍රික්කයේ 8750ක්ද යාපනයේ පැවති දැඩි නියඟයෙන් අක්කර 1200ක් හානි සිදු වූ බවත්,මේ සඳහා රුපියල් මිලියන 400ක් වෙන්කර ඇති බවත්, ගොවීන් සඳහා අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මස 14,15,16 දිනවල වන්දි ප්රදානය කිරීමට නියමිත බව අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
සමීප චන්ද්‍රිකා ඡායාරූප, ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ලබා ගත් ඡායාරූප හා නිලධාරීන්ගේ ක්ෂේත්‍ර සමීක්ෂණය තුළින් වගා හානි සමීක්ෂණය සිදුකළ බවත්, යම් ගොවියෙකුට වන්දි ලබා දීමේදී පැන නගින ගැටලු වෙනුවෙන් අභියාචනා මඟින් නැවත සමීක්ෂණයන් සිදු කළ හැකි බවත්, ගොවීන්ගේ ඉල්ලීම අනුව රජය මේ සඳහා ප්‍රතිපාදන වෙන්කර ගත හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසිය.
නියඟයෙන් හා ගංවතුරෙන් සිදුවූ පූර්ණ හානි වෙනුවෙන් අක්කරයක් සඳහා රුපියල් 40,000ක් කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් ගොවීන්ට ලබාදෙන බවත්, උතුරු නැගෙනහිර ඇතැම් වගා භූමි තුළ මේ දක්වාම සමීක්ෂණ කටයුතු සිදු කරගෙන යන බවත් කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි.
කෂිනි හපුආරච්චි

popular news
-
Champa Wednesday, 13 February 2019 05:38 AM
චන්ද ලන්වෙනකොට දෙපැත්තේම දේශපාලකයන්ට උතුර නැගෙනහිර දෙමල මිනිස්සු මතක් වෙනවා. සේනා දළඹුව වෙනුවෙන් අක්කරයකට දෙන රුපියල් 40,000 මදි කියලා ගොවියෝ වැඩිපුර ඉල්ලුව.. ඒක දෙන්නේ නැතුව ඉස්සෙල්ල වැස්සෙන් හානි වුනා කියල උතුරට රුපියල් 40,000 දෙන්නේ ඊට පස්සේ දකුණට කියන්න උතුරට දුන්නේ මෙච්චරයි ඒ හින්ද දකුණටත් දෙන්නේ මෙච්චරයි කියලා. කෘෂිකර්මාන්තය නැති කලේ මේ ආණ්ඩුව. ඊළඟට තව මහ චන්ද දෙකක එක ළඟ එනව. ඒ හින්ද ලංකාවේ සෘජුව සහ වක්‍රව කෘෂිකර්මාන්තයේ නියැලී ඉන්න කිසිම කෙනෙක් නැවත යූඑන්පී කාරයන්ට චන්දෙ දෙන්න එපා. මේ ප්‍රශ්නෙදි පාට පක්ෂ බලන්න එපා. මේක ජාතික ප්‍රශ්නයක් විදිහට සලකන්න. ලංකාවේ කෘෂිකර්මාන්තය වට්ටලා ගොවීන් පාරට ඇදලා දාපු යූඑන්පී ආණ්ඩුවට නැවත කවදාවත් බලයට එන්න ඉඩ දෙන්න එපා. ගොවීන්ට කරන කෙනෙහිලිකම් ඉවසන් ඉන්න ඕනේ චන්දෙ එනකම් විතරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
