අපනයනය සඳහා තවත් මත්ස්‍ය වගා කර්මාන්ත පුරයක් උතුරු පළාතේ ඇතිකිරීම සඳහා වන ආයෝජනයක් සඳහා ඉන්දීය ආයෝජකයන් පිරිසක් එකඟත්වය පළ කොට තිබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සමග ඉන්දීය ආයෝජකයන් පිරිසක් එම අමාත්‍යාංශයේදී සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ඒ සඳහා මෙලෙස එකඟත්වයට පැමිණ තිබේ.
මෙහිදී එම ආයෝජකයන් පවසා ඇත්තේ ඇමරිකාව ඇතුළු රටවලට අපනයනය සඳහා ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති ඉස්සන් , කකුළුවන් ඇතුළු මත්ස්‍යයන් වගා කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7. 5ක ආයෝජනයක් කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.
එහිදී මෙම මත්ස්‍ය වගා සහ නිෂ්පාදන කර්මාන්ත පුරය අක්කර 500ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත කිරීමටත් එමගින් නව රැකියා 800ක් සහ වක්‍ර රැකියා 2000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමටත් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ඒ සඳහා වන ව්‍යාපෘති වාර්තාව සතියක් ඇතුළත අමාත්‍යාංශයට ලබා දීමට කටයුතු කරන බවත් එහිදී එම ආයෝජකයන් පිරිස කැමැත්ත පළ කොට තිබේ.
ඒ අනුව මෙම මත්ස්‍ය වගාව සහ නිෂ්පාදන කර්මාන්ත පුරය සඳහා සුදුසු ප්‍රදේශයක් උතුරු සහ දකුණු පළාත් ආශ්‍රිතව හඳුනාගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසත් අදාළ ව්‍යාපෘති වාර්තාව ලැබුණු වහාම එය ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කර අදාළ ආයෝනයට රජයෙන් ලබාදිය හැකි සහාය ලබාදීමට කටයුතු කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදේස් ලබාදී තිබේ.
