ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින පසුබිමක් යටතේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු වුව ද, මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සලසනුවස් ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර පසුගිය මාර්තු මාසයේ ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද වනවිට ඇ.ඩො. 74 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එසේ ජාත්‍යන්තර ඉන්ධන මිල වැඩි වුවද මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.
මාර්තු මස 10 වැනිදා කෙරුණු ඉකුත් මිල සංශෝධනයේදීද උත්සව සමය එළඹීම සැලකිල්ලට ගෙන ජනතාවට සහන ලබාදීමේ අරමුණෙන් ජාත්යනන්තර වෙළෙඳ පොළේ මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දැමුණේ ඉතා සුළු වශයෙන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.