උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී යාපනය ඩෙල්ෆ් සාගර කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු උතුරු නාවික නිලධාරීන් විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබේ.
ඩෙල්ෆ් මුහුදු තීරයේදී ඉන්දීය ධීවරයින් පිරිස විසින් මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදා මුර සංචාරක රථයකට නිරීක්ෂණය වීමෙන් අදාළ ඉන්දීය ධීවරයින් පිරිස භාරයට ගෙන ධීවර පරික්ෂක කාර්යාලයට භාරදුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසීය.
ශිවකරන් මහතා පැවසූවේ අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් පිරිස පවසා ඇත්තේ තම යාත්රාවේ කාර්මික දෝෂයක් හේතුවෙන් අතරමංව උතුරු මුහුදු කලාපයට පාව ආ බවටත් එහිදී ඉන්දීය ධීවරයින් නාවික හමුදා නිලධාරීන් විසින් බේරාගෙන යාපනය ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත භාරදි ඇති බවයි.