උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ නව පක්ෂය වූ තමිල් මක්කල් කූට්ටනී නොහොත් දෙමළ ජනතා සන්ධාන පක්ෂ ප්‍රාදේශීය කාර්යාලයක් වව්නියාව මන්නාරම් මාර්ගයේ විවෘත වුණි.
පක්ෂ කාර්යාලය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ අතර එම අවස්ථාවට සහභාගී වූ සී.වී.විග්නේශ්වරන් මහතා පිළිගැනීමේ උත්සවයක් ප්‍රදේශවාසී පාක්ෂිකයින් විසින් සංවිධානය කොට තිබූ අතර එහිදී විග්නේශ්වරන් මහතා රථපෙළපාළියකින් විවෘත වූ පක්ෂ කාර්යාලයට රැගෙන යාමට සංවිධානය කොට තිබුණි.
එම අවස්ථාවේදී රථ පෙළපාළියේ සිටි යතුරුපැදි කරුවන් ආරක්ෂිත හිස්වැසුම් (හෙල්මට්) පළඳා නොතිබීම හේතුවෙන් මාර්ගයේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් විසින් හිස්වැසුම් නොමැති යතුරුපැදි කරුවන් නවතා රාජකාරි කිරිමට පියවර ගත් අතර එහිදී විග්නේශ්වරන් මහතාගේ පාක්ෂිකයින් විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වලට බාධා කරමින් අදාළ යතුරුපැදි කරුවන් හිස්වැසුම් නොමැතිව රැගෙන යාමට කටයුතු කොට ඇති අතර එම අවස්ථාවේ සී.වී.විග්නේශ්වරන් මහතාද රථපෙළපාළියේ සිට ඇති වුවද කිසිදු පියවරක් ගෙන නොමැත.
කෙසේ වෙතත් අදාළ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කරන ලද පුද්ගලයින්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක කිරිමට පරික්ෂණයක් සිදු කිරිමට වව්නියාව පොලීසිය විසින් පියවර ගෙන ඇත.