උතුරු පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන් 67 දෙනෙකු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,635,000.00ක ශිෂ්‍යත්ව ප්රදානය කරන ලදී.
අද දින යාපනය, ඥානම් ශාලාවේදී මෙම වැඩසටහන පැවැත්විණි.
කාර්යාංශයේ මගින් වාර්ෂිකව මෙසේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරන අතර, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතවී සිටින දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.
මෙහිදී යාපනය, මුලතිව්, කිළිනොච්චි, මන්නාරම යන දිස්ත්‍රික්ක වල දරුවන් 67 දෙනෙකු ශිෂ්‍යත්ව ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබූණි.
මෙහිදී 2017 වසරේ පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 16 දෙනෙකුද, 2016 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් 47 දෙනෙකු හා 2016 වසරේ විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් 04 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව ලබාදෙන ලදී.