මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් සිවු දෙනෙකු ඊයේ (21) දින නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තමන් වෙතට භාර දුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂක එස්.ශිවකරන් මහතා පැවසූවේය.
ධීවර බෝට්ටුවකින් පැමිණි යාපනයට ඔබ්බෙන් වන මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලු ධීවරයින් සිවු දෙනෙකු හා ඔවුන්ගේ ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ධීවරයින් සමග ධීවර යාත්‍රාව හා ධීවර ආම්පන්න, සන්නිවේදන උපකරණ ඇතුළු අනෙකුත් උපකරණද අත්අඩංගුවට ගෙන යාපනය ධීවර පරික්ෂක කාර්යාලයට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇති අතර ඉන්දීය ධීවරයින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ධීවර පරික්ෂක කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.