උතුරු මැසිඩෝනියාවේ ජනාධිපති ස්ටීවෝ පෙන්ඩරොව්ස්කි ඊයේ (18දා) දිනයේදී කුමානෝවෝ නගරයේ එන්නත් මධ්‍යස්ථානයකදී චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන තිබේ.
වසංගතය අවසන් කිරීමට ඇති එකම ආරක්ෂිත හා ඵලදායී ක්‍රමය එන්නත්කරණය බව පැවසූ උතුරු මැසිඩෝනියානු ජනාධිපතිවරයා, නොපමාව සීනොෆාම් එන්නත් ලබාගැනීමට පැමිණෙන ලෙස එරට ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
බෝල්කන් රාජ්‍යයක් වන උතුරු මැසිඩෝනියාව මේ වනවිට තහවුරු කර ඇති ආසාදිතයන් සංඛ්‍යාව 154,000ක් ඉක්මවන අතර, එරට වෛරසය ආශ්රිත මරණ 5,200කට වඩා වාර්තා වී තිබේ.