උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා අද (20) සිට උතුරුමැද පළාතෙද වැඩ බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කොට ඇත.
උතුරුමැද පළාත් එම්.පී.ජයසිංහ මහතා මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වීම හේතුවෙන් උතුරුපළාත් ආණ්ඩුකාරවරයා උතුරුමැද පළාතේ වැඩ බැලීමට පත්කොට ඇත.
මේ අනුව අද දින අනුරාධපුර පළාත්සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ග්රාමශක්ති ප්‍රගති සමාලෝචන රැස්වීමටද සහභගී වී ඇති අතර අද සවස අනුරාධපුර එප්පාවල පළුගස්වැව ප්‍රදේශයේදී ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතව ඇති ග්රාමශක්ති වැඩසටහනට උතුරු පළාත් ආණ්ඩුකාරතුමන් සහභාගී වීමට නියමිතව ඇත.