උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය ආනන්දපුරම් ප්රදේශයේදී අද (21) උදෑසන තරුණයෙකු දුම්රියේ ගැටීමෙන් මියගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර ශීඝ්රගාමි දුම්රියට අද උදෑසන 8ට පමණ අදාල තරුණයා ගැටී ඇති අතර දුම්රියේ ගැටීමෙන් එම තරුණයා එම ස්ථානයේම මියගොස් ඇති අතර මළසිරුර කිලිනොච්චිය දුම්රිය ස්ථානය රැගෙනවිත් ඇත.
අදාල තරුණයා දුම්රියේ ගැටීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර දුම්රියට පැන සියදිවි හානිකරගත්තේදැයි යන්න සැකසහිත බවට කිලිනොච්චිය පොලීසිය සැක පල කර සිටියි.
දුම්රියේ ගැටීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය මලයාලපුරම් ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි යෝගේස්වරන් අයන්තන් නැමති අයෙකු බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.