උතුරු පළාතේ ජලජීවි වගාව සංවර්ධනය කිරීම සදහා අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් පරිදි ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
ඒ අනුව නැක්ඩා ආයතනය විසින් උතුරු පළාතේ ඉරණතිවු, කවුදාරි මුණේයි,මුණ්රාම් පිඩ්ඩි,ඉලුප්පේයි කඩවයි,විඩතල් තිවු හා නයාරු ඇතුළු ජලාශ සියල්ලටම කොඩුවා මත්ස්‍ය පැටවු ඇතුලු මිරිදිය මත්ස්‍ය පැටවු දැමීමේ ව්‍යාපෘතිය අමාත්‍යවරයා වැඩ භාරගත් දිනයේම ආරම්භ කරන ලදි.
2019 නොවැම්බර් මස 22 වැනි දින ධීවර අමාත්‍යවරයා ලෙස ඩග්ලස් දේවානන්දා මහතා වැඩ භාරගත් පසු දිවයින පුරා වැවු හා ජලාශ වලට මිරිදිය මසුන් වගාව වර්ධනය කිරීම සදහා අවශ්‍ය පියවර ජලජීවි වගා සංවර්ධන ආයතනය මගින් කිරිම ආරම්භ කරන ලදි.
ඒ අනුව දිවයින පුරා ජලාශ වලට මිරිදිය මත්ස්‍ය වගාව සදහා අවශ්‍ය පැටවු දැමීම සිදු කරන ලදි. මේ අනුව දිවයින පුරා වැවු හා ජලශ වල ඉස්සන් හා මිරිදිය මත්ස්‍ය පැටවු නිදහස් කිරීම හරහා මිරිදිය ධීවර ජනතාව විශාල ජයග්‍රහණයක් ලබාගෙන ඇත.