අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට කඩිනම් සහන සලසමින් ඔවුන්ගේ සුබසාධන සේවාවන් වෙනුවෙන් අඛණ්ඩ ව කැපවූ ති්රවිධ හමුදාවේ සහ පොලීසියේ සියලූ සාමාජිකයන්ටත් පළාත් ආණ්ඩුකාරවරු රාජ්ය නිලධාරින් ස්වේච්ජා සංවිධාන ඇතු`ථ සියලූ පාර්ශ්වයන් වෙතත් ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා සිය ස්තූතිය පිරිනමයි.
විපතට පත් උතුරේ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතාගේ ම`ගපෙන්වීමෙන් විශේෂ සහන වැඩපිළිවෙළක් කි්රයාවට නැංවිය.
ගංවතුරට හසු වූ ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ති්රවිධ හමුදාවේ දායකත්වයෙන් කඩිනමින් කි්රයාවට නැංවුණු අතර ඔවුන්ගේ කැපවීම හේතුවෙන් ජීවිත සහ දේපළ හානි ඉතා අවම කර ගැනීමට හැකියාව ලැබිණි.