යුද්ධෙන් පසුව සංවර්ධනය වන උතුර හා උතුරේ ජන ජීවිතය නංවාලීමට පූර්ණ සහාය ලබා දෙන බව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත ජෝ සොරෙන්සෙන් පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හා ජෝ සොරෙන්සෙන් මහතා අතර උතුරු ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වු සාකච්ජාවක් අතරතුරදීය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ උතුරු පළාතේ ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, ජෝ සොරෙන්සෙන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයට පැමිණි අතර දශක තුනකට ආසන්න කාලයක් පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් බැට කෑ උතුරේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් උතුරේ ක්‍රියාත්මක කොට ඇති බවටද ජෝ සොරෙන්සෙන් මහතා පැවසීය.
එමෙන්ම උතුරේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් සැලසුම් කර ඇති වඩමාරච්චි කලපු ව්‍යාපෘතිය දියත් කිරීමට සහාය දක්වන්නැයි උතුරු ආණ්ඩුකාරතුමා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිතයාගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම සරණාගතයින් ලෙස ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් යළි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහාය ලබා ගැනීම සම්බන්ධයෙන්ද දෙපාර්ශවය විසින් මෙම හමුවේදී වැඩි අවධානයක් යොමු විණි.