උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මතුව තිබෙන උපකල්පනයන් දිගින් දිගටම පැතිර යාමත් සමග ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව දකුණු කොරියාව පවසයි.
"අපගේ රජයේ ස්ථාවරය ස්ථීරයි" දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන්ගේ ඉහළම විදේශ ප්‍රතිපත්ති උපදේශක මූන් චුන්-ඉන් පවසයි. "කිම් ජොන්-උන් ජීවතුන් අතර හොඳින් සිටිනවා. ඔහු අප්‍රේල් 13 සිට වොන්සන් ප්‍රදේශයේ නැවතී සිට තිබෙනවා. සැක සහිත චලනයන් මෙතෙක් අනාවරණය වී නැහැ."
අපේ‍්‍රල් 15 වැනි දින කිම්ගේ සීයාගේ උපන්දිනය සැමරීම මඟහැරීම නිසා කිම්ගේ යහපැවැත්ම පිළිබඳව ප්‍රශ්න මතු විය. ඊට දින හතරකට පෙර දේශපාලන මණ්ඩල රැස්වීමකදී ඔහු දැක ඇති බව උතුරු කොරියානු ප්‍රාන්ත මාධ්‍යයක වාර්තා වී තිබුණි.
එක්සත් ජනපද නිලධාරියෙකුට අනුව කිම් 'ශල්‍යකර්මයකින් පසු බරපතල අසාධ්‍ය තත්ත්වයකට ලක්ව ඇති' බවට එක්සත් ජනපදය බුද්ධි අංශ නිරීක්ෂණය කරමින් සිටින බව සතිය මුලදී සී.එන්.එන්. වාර්තා කළේය. තවත් එක්සත් ජනපද නිලධාරියෙක් සඳුදා සීඑන්එන් වෙත පැවසුවේ කිම්ගේ සෞඛ්‍යය පිළිබඳ කනස්සල්ල විශ්වසනීය නමුත් ඔවුන්ගේ බරපතලකම තක්සේරු කිරීම දුෂ්කර බවයි.
උතුරු කොරියාව කෙරෙහි අවධානය යොමු කරන දකුණු කොරියාව පදනම් කරගත් ඔන්ලයින් පුවත්පතක් වන ඩේලි එන්කේ විසින් කරන ලද වාර්තාවකට අනුව කිම් ජොන්ග්-උන් අධික ලෙස දුම්පානය, තරබාරුකම සහ අධික ලෙස වැඩ කිරීම නිසා හෘදයා බාධයකට ලැබුණු බව වාර්තා වේ. නායකයා දැන් හියැන්සාන් ප්‍රාන්තයේ ප්‍රතිකාර ලබමින් සිටින බව එහි වැඩිදුරටත් කියවුණි.