උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සේවය කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා නැවත වතාවක් උතුරු ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ලෙසින්ම පත් කරන ලෙසට ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා උතුරු පළාතේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් හා කිළිනොච්චියේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් ඊයේ (01) දින සන්දේශයක් භාර දෙනු ලැබීය.
කිළිනොච්චිය නගරයේ සිට ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමට විරෝධය පා විරෝධතා පාගමනකින් පැමිණි විරෝධතාකරුවන් විසින් සන්දේශයක් භාර දෙනු ලැබුවේ කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා වෙතට කිළිනොච්චිය දුම්රිය ස්ථානයේදීය.
ආණ්ඩුකාරවරුන්ගේ සේවා කාලය අවසන් වීම හේතුවෙන් දිවයින පුරා සිටින ආණ්ඩුකාරවරුන් වෙනස් කිරීමට ජනාධිපතිතුමන් ගත් තීරණයට අනුව උතුරු ආණ්ඩුකාරවරයාද ඉවත් වීමට නියමිතව ඇත.
මෙහිදි සන්දේශය භාර දුන් පිරිස කියා සිටියේ,
‘ගෙවුනු වසර කිහිපය තුලදී උතුරු පලාතේ සංවර්ධනය හා සහජීවනය වෙනුවෙන් රෙජිනොල්ඩ්කුරේ මහතා හැගීමකින් යතුව ජාති ආගම් භේදයකින් තොරව සිය රාජකාරිය අකුරටම ඉටුකරන ලද රාජ්‍ය නිලධාරියෙකු බැවින් එතුමන්ගේ සේවය ඉදිරියටත් උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය බවයි.
විශේෂයෙන් උතුරු පළාතේ බහුතරය වූ දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් සාකච්ඡා කිරීමට එතුමන්ට දෙමළ භාෂාඥානයද තිබීම හේතුවෙන් විශේෂ වන අතරම ඉදිරි වසර කිහිපය වෙනුවෙන්ද රෙජිනොල්ඩ් කුරේ මහතා උතුරු පළාතේ ආණ්ඩුකාර වරයා ලෙසින්ම පත් කළ යුතු බවටය.