යාපනය ආදිපාද වීදියේ පසුගියදා ආරම්භ කරන ලද අතුරුදහන් වූවන් සොයා බැලීමේ කාර්යාලය කිසිදු අයුරකින් අතුරුදහන් වූවන්ට පිහිටක් නොවන බවට උතුරේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් උතුරේ ස්ථාන කිහිපයකදී සංවිධානය කොට තිබුණි.
එමෙන්ම අතුරුදහන් වූවන් සොයාදෙන ලෙසත් අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසටත් මේ වන විට දින දහසකට ආසන්න කාලයක් පුරාවට වවුනියාව, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි ආරම්භ කොට ඇති සත්යග්රහයන්ට පිළිගත හැකි විසඳුමක් රජයට ලබා දිය නොහැකි අවස්ථාවක අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීමේ කාර්යාලයක් යාපනයේ පිහිටූවීමෙන් කිසිදු ඵලක් නොමැති බවට අතුරුදහන් වූවන්ගේ ඥාතීහු කියා සිටිති.
එමෙන්ම පසුගියදා යුද්ධයෙන් අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස ඉල්ලා කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට ආරම්භ කොට ඇති සත්‍යග්‍රහයේ යෙදි සිටි වැසියෙකු හදිසි හදවත් අමාරුවකින් මිය ගියද මේ දක්වා ඒ වෙනුවෙන් කිසිදු පියවරක් බලධාරීන් ගෙන නොතිබීමෙන්ම අතුරුදහන් වූවන්ගේ වටිනාකම ලොවට පෙන්වීමට හැකි බවට එම වැසියෝ කියා සිටිති.
පසුගිය මහින්ද රාජපක්ෂ රජයේද වත්මන් රජයේ මෙන් මැක්වෙල් පරණගම යනුවෙන් කොමිසමක් පත්කලද එයට අතුරුදහන් වූවන් දහනව දහසකගේ පමණ පැමිණිලි ලැබුණද මේ දක්වා එම කොමිසම මගින් සිදු කරන ලද විභාගයන්හි ප්‍රතිඵලයක් හෝ විසඳුමක් නොමැති අවස්ථාවක වත්මන් රජය අතුරු දහන්වූවන්ට පිහිට වීම සඳහායැයි කාර්යාල පිහිටුවිම ලොවට බොරුවට මවා පෑමක් පමණක් බවත් එමඟින් ජනතාවට කිසිඳු සෙතක් නොවන හෙයින් ඒ පිළිබඳව ජාත්‍යන්තරයේද අවධානය යොමු විය යුතු අවස්ථාවක් බවටද උතුරේ විරෝධතාවයේ නිරත වන අතුරුදහන් වූවන්ගේ ඥාතීහු වැඩිදුරටත් පෙන්වා දෙති.