උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය මුරුගණ්ඩි ප්රදේශයේදී ගවරැලක් ඊයේ (31දා) රාත්රියේ උත්තර දේවි දුම්රියේ වැදීමෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් තිබේ.
මුරුගණ්ඩි ප්රදේශයේ තවමත් පවතින ගංවතුර තත්වය හේතුවෙන් ගවයින් විශාල ප්රමාණයක් දුම්රිය මාර්ගයේ රැඳීසිට ඇති අතර එම අවස්ථාවේදී පැමිණි උත්තර දේවි දුම්රියේ ගව රැල වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය ස්කන්දපුරම් ප්රදේශයේ පදිංචි අයිතිකරුවෙකුගේ ගවයින් පිරිසකි.