උඩුවේ ධර්මාලෝක හිමිට එරෙහි නඩුවේ තිරණය මාර්තු 1වනදා
සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබු සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව ලබන මාර්තු 1 වැනිදා ප්රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (7) දැනුම් දුන්නේය.
පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි විභාගකිරීමෙන් සහ නීතීඥ දේශන අවසන් කිරීමෙන් පසුව විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.
2015 ජනවාරි මස 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ඇලන් මැතිණියාරාම විහාරස්ථානයේදී ලියාපදිංචි නොකල හා බලපත්ර නොමැති අලියෙකු තම භාරයේ තබාගෙන සිටි බවද ලියාපදිංචි නොකල හා සොරකම් කරන ලද අලියෙකු බව දනිමින්ම හා ලියාපදිංචි නොකල සොරකම් කරන ලද අලියෙකු බව විශ්වාස කිරීමට හේතු තිබියදී පොදු දේපළක් වන අලියෙකු වංචනිකව තම සන්තකයේ තබා ගන්නා ලදැයි අධිචෝදනා දෙකක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
පොදු දේපළක් වන අලි පැටවා නිසි බලපත්රයක් නොමැතිව තබාගෙන සිටි බවට නීතීපතිවරයා විසින් උඩුවේ හිමියන්ට එරෙහිව නඟා ඇති චෝදනා සනාථ කිරීම ස`දහා සාක්කිකරුවන් 19ක් හා ලේඛණ තුනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම සිද්ධියට අදාළව ධම්මාලෝක හිමියන් සැකකරුවකු ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී උන්වහන්සේට නියම කළ රුපියල් ලක්ෂ 180ක් වටිනා ශරීර ඇප වලට අමතරව පසුගිය අවස්ථාවේ මහාධිකරණය විසින් තවත් රුපියල් ලක්ෂ 200ක් වටිනා ශරීර ඇප මත උන්වහන්සේ මුදා හැරීමට නියම කළ අතර අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් නියෝගයක්ද පනවා තිබිණ.
දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමෙන් අනතුරුව මේ පිළිබද නියෝගය ලබන මාර්තු 1 වැනිදා ප්රකාශයට පත්කරන බව දැනුම් දුන් විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකාර ස්වාමීන් වහන්සේට නියම කළේය.

popular news
-
Gamarala Friday, 08 February 2019 12:08 PM
MR,Uduwe is not a.monk. he is big business.man. he should go to jail for this baby elephant. I belive.my a lf.elephant should live in nature,not in temple. Send.hom.for.20 yearsnpls.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

