උක් වගාවකට චීනයට කුඩුම්බිමලෛහි හෙක්ටයාර් 68,250ක් දීලා
මඩකලපුව කුඩුම්බිමලෛහි හෙක්ටයාර් 68,250 ඉඩමක් උක් වගා කිරීමට චීන රජයේ සමාගමකට ලබාදීම කිසිසේත් අනුමත කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිනිත්තම්බි යෝගේශ්වරන් මහතා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විසින් ඊයේ (18දා) මඩකලපුව දිසා ලේකම් එම්. උදයකුමාර් මහතාට යවන ලද ලිපියක මේ බව සඳහන් කර ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කොරලෛපත්තු දකුණ (කිරාන්) එරාවූර් පත්තුව (සෙන්කලඩ්) යන ප්‍රදේශවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මූලික කර ගනිමින් කුදඩුම්බිමලෛ ප්‍රදේශයට යාබදව පිහිටි හෙක්ටෙයාර් 68,250 ඉඩමක් වත්මන් රජය විමසීමකින් තොරව චීන රජයේ සමාගමකට උක් වගා කිරීමට ලබාදීමට රහසිගත ගිවිසුමක් අත්සන් කර ඇති බවට තමන්ට දැනගන්නට ලැබුණු බව එම ලිපියෙහි සඳහන්ය.
උක් වගාව යනු භූමියට හානිකරන, අනාගතයේ ජනතාව දුගීභාවයට පත් කරන්නක් බවත් මීට ඉහත සිංහල ප්‍රදේශවල උක් වගාව කර නතර කිරීමෙන් පසු නැවත දෙමළ ජනතාවගේ නිජ භූමියට ගෙන එන්නේ දෙමළ ජනතාවගේ අනාගතයද විනාශය කිරීමේ අරමුණින් බවද එහි වැඩිදුරටත් සඳහන් කොට තිබේ.
ඒ නිසා මෙම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉදිරියේදී පැවැත්වෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලෙසද මන්ත්‍රීවරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.
මෙහි පිටපත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස්, ඩී.ඩි. ධර්මදාස , සෙන්කලඩ් ප්‍රාදේශීය ලේකම් එන්. විල්වරට්නම් යන මහත්වරුන්ටද යවා තිබේ.

මඩකලපුව - ජවුෆර් ඛාන්
popular news
-
Champa Thursday, 19 July 2018 09:17 PM
What? We didn’t even know about this. 68,250 hectares? Are your sure the number because 1 hectare is equal to 2 ½ acres. I remember vehemently opposing a government move to allocate 62,500 acres in Uva-Wellassa to a New York based multinational company to grow sugarcane last year. May be the government has changed the foreign company. What is the local company? Is it MS Holdings AGAIN? No way! Sugarcane needs lot of water. It is regarded as one of thirstiest crops. It needs 1500-3000 liters of water per kg of the crop. What will happen is, if they grow sugarcane there won’t be enough water for other crops. Soil erosion and degradation will also become an issue. Deforestation in Batticaloa District has already damaged the ecosystem and the natural vegetation. Growing sugarcane in 68,250 acres (?) will further reduce the forest cover. (Cont'd...........)
Reply : 0 0
Champa Thursday, 19 July 2018 09:21 PM
I checked the map. I couldn’t find the exact location which is Kudadumbimalai. But Eravur Pattu and surrounding area have not much forest cover. Only shrubs which is worse. Many countries have abandoned growing sugarcane including some Caribbean countries. Change of farming system in Batticaloa will badly affect the climate. We cannot let this happen. South or North we should raise our voice to protect our lands from being occupied by foreign companies. We show solidarity to people in Batticaloa.--- What a shame Mr. President. You are the Minister of Environment. How did you give permission to sign this agreement? On behalf of the people in Batticaloa, I urge you to reverse your decision to allocate massive 68,250 acres (I am yet to verify the extent of the land) to a Chinese company. This is the same thing you tried to do to Uva Wellassa last year. Shame on you!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

