මේ වන විට නීතිවිරෝධී ලෙස ඊශ්‍රාලයේ රැඳී සිටින ශ්‍රමිකයන්ට ලංකාවට පැමිණීමට සැප්තැම්බර් පළමු වැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇති බවත් එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මේ වන විට ඊශ්‍රාලයේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින ශ්‍රමිකයන්ගේ දෙමාපියන් සහ භාරකරුවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගෙන්වා දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.
“කෘෂි ක්ෂේත්රයේ රැකියා අවස්ථා අපිට ඊශ්‍රායලයෙන් ලැබුණා. ඒත් ඒක දැන් නතර වෙලා. ඒකට හේතුව තමයි රැකියා පන්සියයකට ගියපු අයගෙන් එකසිය පනහක් විතර ලංකාටව එන්නේ නැතිව එරට නතර වෙලා ඉන්න එක. අපි දැන් සාකච්ඡා කරලා ඊශ්‍රායල් ගිහින් නියමිත දිනයට නැවත ආපු අය ඒ රටට ගන්න ඊශ්‍රායල් රජය එකඟ වෙලා තියෙනවා.
ඊශ්‍රාලයේ රැකියා සඳහා පිටත්ව යන්න කලින් ඒ අයට අපි පැහැදිළිව කිව්වේ ගිහින් පනින්න එපා නැවත ලංකාවට එන්න කියලයි. ලංකාවට ආවොත් නැවත එම රටටම යාමට අවස්ථාව දෙන බවට අපි සහතිකයක් දුන්නා. ඒ ආකාරයට නියමිත මාස හය රැකියා කරලා නීත්‍යනුකූලව ලංකාවට ආපු අයට නැවත එම රටේ රැකියා සඳහා පිටත්ව යාමට අවස්ථාව තිබෙනවා.
ඊශ්‍රාලයේ ඉන්න අයට නැවත ලංකාවට එන්න අපි මාසයක කාලයක් ලබා දෙනවා. මේ කාලය ඇතුළත නැවත ලංකාවට එන්න පුලුවන්. ලංකාවට ආවොත් මේ අයට නැවත යන්න පුළුවන් විදිහට අපි හදලා දෙන්නම්. සැප්තැම්බර් පළමුවැනිදට කලින් ආවොත් අපි නඩු පැවරීම් කරන්නේ නෑ. මාසයක් ඇතුළත ලංකාවට ආවා කියන කාරණය තුළ නඩු පැවරීමේ කටයුතු ඉවත් කරගැනීමට කටයුතු කරනවා.” යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා පවස සිටියේය.
