හිස්බුල්ලා ලෙබනන් කණ්ඩායම කිසිදු ඊශ්රායල් යුද්ධයකට බිය නොවන බවත්, ඒ සඳහා සම්පූර්ණයෙන්ම සූදානම් බවත් හිස්බුල්ලා නායක සෙයිද් හසන් නස්රාල්ලා කියයි.
2006 දී ඊශ්රායලය සහ ලෙබනනය අතර පැවති යුද්ධයේ 15 වැනි සංවත්සරය නිමිත්තෙන් රූපවාහිනී දේශනයකදී නස්රාල්ලා පැවසුවේ "අපි යුද්ධයට සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින අතර අපි එය ජයග්රහණය කරන බව අපට නිසැකයි." යනුවෙනි.
නස්රාල්ලාගේ මෙම අදහස් පළ වූයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්රායල් හමුදාව මේ සතියේ දේශසීමා හරහා වෙඩි හුවමාරු කර ගැනීමෙන් පසුවය. දකුණු ලෙබනනයේ බ්රහස්පතින්දා ඊශ්රායල් ගුවන් ප්රහාරවලට ප්රතිප්රහාරයක් ලෙස අල්ලා ගත් ෂෙබා ෆාම්ස් හි ඊශ්රායල ඉලක්ක වෙත හිස්බුල්ලා සංවිධානය රොකට් ප්රහාරයක් එල්ල කළේය.
2006 ගිම්හානයේදී දින 33ක් ඊශ්රායල් හා ලෙබනන් ගැටුම හේතුවෙන් ලෙබනනයේ පමණක් මිනිස් ජීවිත 1,200ක් අහිමි වූ අතර, වැඩි වශයෙන් සිවිල් වැසියන් ඊට ගොදුරු විය. එමෙන්ම ඊශ්රායල් ජාතිකයන් 160ක් මෙම සටනට දිවිදුන් අතර, ඔවුන් වැඩි දෙනෙකු හමුදා භටයන්ය. එය 2006 අගෝස්තු 14 වැනි දින එක්සත් ජාතීන්ගේ සහයෝගය ඇතිව සටන් විරාමයකින් අවසන් විය.