ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ටෙල් අවිව් හි ෂෙබා රෝහලේදී කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත ලබාගෙන තිබේ.
අගමැතිවරයා එන්නත ලබාගන්නා ආකාරය ඊශ්රායල රූපවාහිනියේ සජීවීව විකාශය කර ඇත.
ඒ අනුව ඊශ්රායලය තුළ ෆයිසර් - බයෝඑන්ටෙක් හි එන්නත ලබාගත් පළමු ඊශ්රායල ජාතිකයා බවට අගමැති නෙතන්යාහු පත්ව තිබේ.
ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත ප්රසිද්ධියේ ලබාගත් ධුරයේ සිටින පළමු වැනි අගමැතිවරයාද ඔහුය.
"එය මිනිසාට කුඩා එන්නතක්, ඒත් එය අපගේ සෞඛ්යය සඳහා යෝධ පිම්මක්" එන්නත ලබාගැනීමෙන් පසුව ඊශ්රායල් අගමැති බෙන්ජමින් නෙතන්හායු පැවසීය.