කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් 105ක් ඊයේ දිනයේදී හඳුනාගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
එම පුද්ගලයින් අතරනි දෙදෙනෙකු විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, ඔවුන් හබරාදුව පොලිස් ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වූ අය වෙයි.
දේශීයව හඳුනාගත් පුද්ගලයින් අතරනි 101 මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ළගින් ඇසුරු කළ පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා එම ඇඟළුම් කම්හලේ සේවකයින් වේ. මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (11) දින උදෑසන වන විට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1,186 දෙනෙකු වේ.