ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 521ක් හඳුනාගත් බවත් එයින් පුද්ගලයන් 517ක්ම දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වීම් බවත් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඉතිරි පුද්ගලයන් සිව්දෙනා අතරින් එක් විදේශිකයෙක් හා විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් 3ක් සිටින බව එම මධ්‍යස්ථානය පවසයි.
ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹින් වාර්තා වන අතර එම සංඛ්‍යාව 342කි. මීට අමරතව මහනුවරින් ආසාදිතයන් 91ක් හා කළුතරින් ආසාදිතයන් 44ක් වාර්තා වෙයි
කොවිඩ් තොරතුරු කෙටියෙන්
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල් පොකුර - 3059
පෑලියගොඩ මාළු වෙළඳපොලේ පොකුර - 19942
පෑලියගොඩ හා මිනුවන්ගොඩ සමස්තය - 23001
පෑලියගොඩ හා මිනුවන්ගොඩ සුවවීම් - 16030යි
ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන -26558
සුවය ලැබූ සමස්තය - 19 437යි
රෝහල්ගතව හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන - 6991
ශ්‍රී ලංකාවේ සමස්ත මරණ - 130
ඊයේ දිනයේ සුවය ලැබූ සංඛ්‍යාව - 406
නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින සංඛ්‍යාව 6313
ඊයේ දිනයේදී සිදුකර ඇති PCR සංඛ්‍යාව