චීනය විසින් ඊජිප්තුවට කොරෝනා වෛරස එන්නත් මාත්‍රා 300,000ක් පරිත්‍යාග කරන බව ඊජිප්තුවේ චීන තානාපති ලියාඕ ලිකියැං මාර්ගගත මාධ්‍ය හමුවකදී කියා සිටියේ, චීනයද අරාබි ලීග් ලේකම් කාර්යාලයට එන්නත් ප්‍රමාණයක් ලබාදෙන බව නිවේදනය කරමිනි.
මේ අතර චීන රජය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් 600,000ක පළමු කාණ්ඩය කාම්බෝජ රජයට ඊයේ ලැබී තිබුණි.
පරිත්‍යාග ලැබීමෙන් ටික කලකට පසු කාම්බෝජයේ අගමැති හුන් සෙන් සහ කාම්බෝජයේ චීන තානාපති වැන්ග් වෙන්ටියන් ඉරිදා දහවල් නොම් පෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පවත්වන ලද එන්නත් තොගය භාරදීමේ උත්සවයකටද සහභාගී වූහ.