ඉහළ යමින් පවතින බඩුමිල අඩුකිරිම රජයේ වගකිමක්
ඉහළයමින් තියෙන බඩුමිල අඩු කිරීම රජයේ වගකීමක් බවත් රජය ඒ සදහා කඩිනම් විසදුම් ගතයුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා කීවේය.
රටේ වත්මන් තත්ත්වය පිළිබදව අද (26) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී විජයලාල් මහතා එසේ කීවේය.
ඒ පිළිබදව තවදුරටත් කතා කළ විජයලාල් මහතා මෙසේ ද කීවේය.
බඩු මිල ඉහලයාමෙන් කොරෝනාවෙන් පත් ජනතාව තවත් පීඩාවට පත්වෙලා. බඩු මිල ඉහල යාම පිළිබදව රජයක් හැටියට අපිට කර බාගෙන ඉන්න බැහැ. එහේම ඉන්න එක රජයක වගකීමක් නෙමෙයි. මේ වනවිටත් ඉහල යමින් පවතින බඩු මිල අඩු කිරීමට රජය පියවර ගනිමින් සිටිනවා. රටේ ව්‍යසන අවස්ථාවක බඩු මිල ඉහල යාම සාමාන්‍ය දෙයක්වුවත් අසීමාන්තිකව දිනපතාම බඩු මිල ඉහල යාමට ඉඩ නොදිය යුතුයි.
බඩු මිල වැඩියි කියලා විපක්ෂය කෑගැසුවත් එදා බඩු මිල පාලනය කිරීමට තිබූ මිල පාලන දෙපාර්තමේන්තුව අහෝසි කළෙත් ඔය කෑගසන කට්ටිය බලේ ඉන්දෙද්දියි.ඒ නිසා ඒ අයට බඩු මිල ඉහල යාම ගැන කතා කිරීම ඒ තරම්ම සාධාරන නැහැ.
සීනි වල තීරු බදු අඩු කරලයි තියෙන්නේ. ඒත් සීනිවල මිල ඉහල යාම ගැන සොයා බැලිය යුතුයි. සීනිවල බදු අඩුකිරීමේ වාසිය ජනතාවට ගිහිල්ලා නැහැ.සීනි මිල දිනෙන් දින ඉහලයාමට අපි කඩිනම් විසදුම් සෙවිය යුතුයි.ස්ථීර සාර විසදුම් සෙවිය යුතුයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
popular news
-
G.k.s.m.Rajakaruna Saturday, 28 August 2021 08:48 AM
We can help to also our mother country j lave also europe Austria .governments must do something to people.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

