ජල පෝෂක ප්‍රදේශයන්ට ඇඳ හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ වාන් දෙරටුවක් තවදුරටත් විවෘත කර තැබීමට ජලාශභාර ඉංජිනේරුවරුන් විසින් අද (22) පියවර ගෙන තිබිණි.
ජලාශයේ වාන් දොරටුවක් මෙසේ විවෘත කර තැබීම නිසා ඉහල කොත්මලා ජලාශයට පහල ප්‍රදේශයේ ජනතාව කොත්මලා ඔයේ ජලය පරිහරණය කිරීමේදී ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මධ්‍යම කඳුකරය ආශ්‍රීතව දින කීපයක් පුරා අඛණ්ඩව පවතින වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පැවැතීම හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී දැඩි අවධානයෙන් යුතුව රථ වාහන පදවන ලෙස උඩරට මාර්ග භාවිතා කරනු ලබන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී.